(ඉන්දිකා රාමනායක)
අලුත් අවුරුදු සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සහ රථවාහන රාජකාරි වෙනුවෙන් 2400 ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මින් 1800 ක නිලධාරීන් ප‍්‍රමාණයක් රථවාහන රාජකාරි සඳහා ද සෙසු පිරිස ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
බීමත් රියදුරන් , වංචනික වෙළෙදුන් හා ගැටකපන්නන් අත්අඩංගුවට ගැනීමට සඳහා සාමාන්‍ය ඇඳුමෙන් ද පොලිස් නිලධාරීන් කොටසක් රාජකාරියට යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිස් මාධ්‍ය පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැසුමේ පොලිස් මුලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදීය.