උණවටුන දී විදුලිසැර වැදී තරුණයෙක් මරුට


 

සුමතිපාල දීයගහගේ සහ ඩි ජි සුගතපාල  

 

උණවටුන වැල්ලේ දේවාලයේ ඇසළ උත්සවය නිමිත්තෙන් පවත්වා ගෙන ගිය රසකැවිලි වෙළඳසැලක සහායට පැමිණ සිටි 28 හැවිරිදි තරුණයකුට අද (2) එම උත්සව භූමියේදී විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ රත්නපුර පරකඩුව ප්‍රදේශයේ සිට පැමිණ ඇති සුපුන් නැමැති තරුණයෙකි.

මියගිය තරුණයාගේ සොහොයුරෙකු රත්නපුර පරකඩුව ප්‍රදේශයේ සිට පැමිණ උණවටුන වැල්ල දේවාලයේ ඇසළ උත්සව සමය නිමිත්තෙන් රසකැවිලි වෙළඳසැලක් පවත්වා ගෙන ගොස් ඇත.

මෙම තරුණයාද පරකඩුවේ සිට පැමිණ සොහොයුරාගේ රසකැවිලි වෙළඳාමට සහාය වී ඇත.

මේ අතර උනවටුන වැල්ල දේවාලයේ ඇසල උත්සවය අද නිමාවට පත්වීමෙන් පසුව වෙරළ අයිනේ පවත්වා ගෙන ගොස් ඇති මෙම රසකැවිලි වෙළඳසැල ඉවත් කරමින් සිටින විට විදුලි රැහැනකින් විදුලිසැර වැදිමෙන් මෙම තරුණයා මිය ගොස් ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.