උඩරට මැණිකේ හාලිඇලෙන් නවතී


 (හාලිඇල- විජේරත්න රත්නායක සහ ඇටම්පිටිය- චන්දන කුරුප්පුආරච්චි )
 
අද (19) සවස බදුල්ලේ සිට කොළඹ බලා පිටත්වූ උඩරට මැණිකේ රාත්‍රී තැපැල් දුම්රිය සිය ගමනේ පළමු නැවතුම වූ හාලිඇල දුම්රිය ස්ථානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර විය.

සවස 6.15 ට පමණ මෙසේ දුම්රිය නතර වීම හේතුවෙන් හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රිය මාර්ගය හරහා දිවෙන හාලිඇල රොසට් මාර්ගයේ ධාවන කටයුතු පැය දෙකක පමණ කාලයක් ඇණහිට තිබිණි.

මේ හේතුවෙන් සේවා නිමවී නිවෙස්වලට යන ජනතාව ඇතුළු විශාල ජනතාවක්ද දුම්රිය මගීන්ද දැඩි අසීරුතාවයට පත්වූ අතර අනතුරුව දුම්රිය බලධාරීහු දුම්රිය ඉදිරියට ගෙන මහාමාර්ගය වාහන සඳහා විවෘතකර දීමට පියවර ගත්හ.