උඩරට දුම්රිය මඟේ විදෙස් කතුන්ගෙන් මුදල් කොල්ල කාලා




 
සමන් පාලිත නානයක්කාර
 
දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකුගේ රුපියල් 56000 ක මුදල් සහ රුපියල් 82000 ක් වටිනා කැමරාවක් කොල්ල කෑ බව කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.


දෙමෝදර ආරුක්කු නවය පාලමට කිලෝමීටර් ½ ක් පමණ නුදුරින් මෙම මංකොල්ලය සිදුවී ඇත.


ස්කොට්ලන්තයේ සිට මෙරට සංචාරයක පැමිණි අක්කා නගෝ දෙදෙනකුගේ මුදල් දුම්රිය මාර්ගයේ දී සොරාගෙන ඇත.