හිරාන් ප්‍රියංකර ජයසිංහ
උඩප්පුව පොලිස් වසමේ විවිධ වැරදි සම්බන්ධව චෝදනා ලැබූ වැරදිකරවන් 85 දෙනෙකු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සියලු වරදකරුවන්ට රුපියල් හය ලක්ෂ තිස්තුන් දහසක දඩ නියම කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා නියෝග කළේය.
මෙසේ දඩ මුදල් නියම වුයේ උඩප්පුව පොලිසිය විසින් බිමත්ව රියපැදවිම සම්බන්ධව වැරදිකරුවන් 17 දෙනෙකුටත් , රක්ෂණ සහතික , ආදායම් බලපත්‍ර, සහ රියදුරු බලපත්‍ර නොමැතිව රථ ධාවනය කළ වැරදිකරුවන් 35 දෙනෙකුට හා නිතිවිරෝධි කසිප්පු , ගංජා ඇතුළු දෑ අලෙවි කිරිම සහ සන්තකයේ තබා ගත් වැරදිකරුවන් 33 දෙනෙකු ඇතුළු වැරදිකරුවන් 85 දෙනෙකුට වේ.
උඩප්පු පොලිසිය එකම දිනකදි වැඩිම දඩ මුදලක් රජයට අයකර දුන් අවස්ථාව මෙය බව කියයි.