(මහේෂ් කිර්තිරත්න)
උකුවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති (එ.ජා.ප) අබ්දුල් නිසාර් මහතාට සභා කාර්යාලය තුළදි අද (8) දහවල් පුද්ගලයකුගේ පහරදීමට ලක්ව ඇති බව පොලිසිය කියයි.
උකුවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති අබ්දුල් නිසාරේ මහතා මාසික මහ සභා රැස්විමට සහභාගි වී දිවා ආහාරය ගැනීමෙන් පසුව සිය කාර්යාලයේ දී රැදී සිටි අවස්ථාවේ දී මෙලෙස පහරදී තිබේ.
උකුවෙල වරකාමුර ප්‍රදේශයේ පස් දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු පැමිණ පැමිණිල්ලක් චාවිකව ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම පස් දැමීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා හා උප සභාපතිවරයා අතර ඇතිවු බහින් බස්විමක් දුර දිග යාමෙන් මෙම පහර දිම සිදුවු බව මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුම පැවසීය.
උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.එම් චේතියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) මාසික මහ සභා රැස්වීම පැවැත්වෙන අතරතුරදී මෙම පහර දීම සිදු වූ බවත් සභාව මදකට කල් තැබූ සභාපතිවරයා, උප සභාපතිවරයා වහාම පොලිස් පැමිණිල්ලක් දැමිමට පිටත් කර යැවු අතර සභාව පසුව පවත්වාගෙන ගියහ.
පහර කැමට ලක්වු උප සභාපතිවරයා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද සභාපති ඩබ්.එම් චේතියරත්න මහතා පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලිසය වැඩිදුර පරික්ෂණ පවත්වයි.