(රංජිත් රාජපක්ෂ)
හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන වටවල ඉහළ වටවල ප්‍රදේශයේ ෆයිනස් වන වගා රක්ෂිතයක අද (15) ගින්නක් හටගෙන ඇති බව වටවල පොලිසිය පැවසීය.
ඉහළ වටවල දුම්රිය ස්ථානයට ඉහළින් ෆයිනස් වන වගා රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 10 පමණ කොටසක් මේ වන විට ගිනිගෙන විනාශ වී ඇති බව වන සංරක්ෂණ කාර්යාලයේ නිලධරයෝ පවසති.
පැතිර යන ගින්න පාලනය කිරීමට වන අඩවි නිලධාරින්, වටවල ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව ෆයිනස් වන වගා රක්ෂිතයට ඇතුල් වී ඇති බව හැටන් අඩවි වන කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.