(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු තරුණ කාන්තාවකගේ මළ සිරුරක් අද (4) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
මෙම මළ සිරුරේ අනන්‍යතාවය පිළිබඳව කිසිඳු තොරතුරක් මෙතෙක් සොයා ගෙන නොමැත.
මෙම මළ සිරුර වයස අවුරුදු 20 ත් 25 ත් අතර තරුණ කාන්තාවක් විය හැකි බවත්, කලු පැහැති පන්ජාබ් ඇඳුමක් පැළැඳ සිට ඇති බවත් පොලීසිය විසින් සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ජලාශයෙන් ගොඩ ගන්නා ලද මළ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත රැගෙන යෑමට පොලීසිය විසින් පියවර ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.