(නිමල් ජයරත්න)
වැලිකන්ද සෙවනපිටිය ඉසෙඩ්. ඩී ප්‍රධාන ඇළට වැටී සැඩ පහරට ගසාගෙන යමින් සිටි වසු පැටවෙකු අද(03) උදෑසන බේරාගැනීමට සෙවනපිටිය ත්‍රිරෝද රථ රියදුරෝ සමත් වූහ.
ඉසෙඩ්. ඩී. ප්‍රධාන ඇළ, වන අලි පවා වැටී ගසාගෙන යන ඇළක් බවද, එය දෙපස ආරක්ෂිත වැටක් සවි කිරීම අවශ්‍ය බවද ප්‍රදේශවාසීහු පවසති.
වසුපැටවා ගොඩට ගැනීමට විනාඩි 30ක පමණ කාලයක් වැය වු අතර ඒ සඳහා විශාල වෙහෙසත් දැරීමට ඔවුන්ට සිදුවිය.
වසුපැටවා ප්‍රකෘති තත්ත්වයට පැමිණි පසු අවශ්‍ය ආහාර ලබා දී නිදහස් කිරීමට ඔවුහු කටයුතු කළහ.