(තරංග ගුණරත්න)
වැලිගම මහවීදිය පෙදෙසෙහි කඩපොළ අසල තිබු වසර 125 වඩා පැරණි බව කියන තැපැල් දෙපාර්තමේන්තුව සතු තැපැල් පෙට්ටියක් අද (16) දහවල් එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමෙදි පෙදෙසෙහි ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන්, එම කටයුතු සදහා පැමිණි තැපැල් සේවකයන්ට ඉවත් කිරිමෙ කටයුතු නවතා නැවත තැපැල් පෙට්ටිය තිබූ ආකාරයෙන් සකසා යාමට සිදුවිය.