සිතුම් චතුරංග
වවුනියාව නෙදුන්කර්ණි පට්ටිකුඩිරිප්පු ඉලූප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක නිධන් හාරමින් සිටි සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව නෙදුන්කර්ණි පොලිසිය කියයි.
රජ සමයේ රන් සහ වටිනා ද්‍රව්‍ය තැන්පත් කර ඇති ගබඩාවක් බවට ඉලූප්පු වැව් රක්ෂිතයේ හඳුනාගත් ස්ථානයක් සැකකරුවන් විසින් කැණීම් සිදුකරමින් සිටි බවද පොලිසිය පවසයි.
රක්ෂිතය තුළ නිධන් හාරමින් සිටින සංවිධානාත්මක පිරිසක් පිළිබඳ නෙදුන්කර්ණි පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් නිධන් හෑරිම සඳහා උපයෝගී කරගත් දුම්මල , පූජාවට්ටි,පහන්, පළතුරු හා නිදන් හෑරීම සඳහා යොදා ගත් යකඩ ආයුධ තොගයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නිධානය ගැනීම සඳහා කටයුතු කළ ප‍්‍රධාන කට්ටඩියා පමණක් සිංහල ජාතිකයකු වන අතර සෙසු පුද්ගලයින් ද්‍රවිඩ ජාතිකයින් බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ රජ සමයේ අදාළ ස්ථානයේ ආරක්ෂිතව තැන්පත් කර තිබෙන රත‍්‍තරන් ගබඩාවක් සොයා මෙලෙස කැණීම් සිදුකළ බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව, නෙදුන්කර්ණි ඕලූමඩු හා පුත්තලම කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ත් 51 අතර වයසේ පසුවන්නෝ වෙති.