( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් නෙල්ලිවෙල ප්‍රදේශයේ නාවික සෙබලෙකුට කොරෝනා වයිරසය ආසාදනය විම හේතුවෙන් ඔහුගේ පවුලේ අය ඇතුළු ඔහු සමග සමිපව ඇසුරු කල පුද්ගලයන් 45 දෙනෙකු අද (27) පස්වරුවේ දා ස්වයං නිරෝධනයට ලක් කල බව ඉඔුල්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ටි.පි.සි.ප්‍රනාන්දු මහතා පැවැසිය.
මෙි අතර එම නාවික සෙබලා විසින් භාණ්ඩ මිලදි ගෙන ඇති නෙල්ලිවෙල ප්‍රදේශයේ වෙලෙදසල් දෙකකට මුදා තැබිමට කටයුතු කල බව ඒ මහතා කිය. වැලිසර නාවික හමුදා කදවුරේ සිට ඉකුත් 22 වැනිදා එම සෙබලා නිවාඩුට පැමිණි ඇත.
අයි.ඩි.එචි.රෝහලේ සිදුකල පි.ආර්.සි.පරික්ෂණයෙන් පසු ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බව ඒ මහතා පැවැසිය.
නෙල්ලිවෙල ප්‍රදේශයට පිටස්තර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් හට ඇතුළු නොවන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිති.
නෙල්ලිවෙල ප්‍රදේශයේ යම් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම ඉඔුල්පේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන්ට දැනුම් දෙන ලෙසද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රනාන්දු මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉඹුල්පේ නෙල්ලිවෙල පුද්ගලයින් 45 ක් නිරෝධායනයට
Recommended Articles