(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
අඟුළුගහ ඇළපහල ප්‍රදේශයේ තොග වෙළෙන්දෙකුගේ නිවසේ කාමරයක ගබඩා කර තිබූ සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු කරල් 2000 ක් සොයා ගැනීමෙන් පසු එම බඩ ඉරිඟු කරල් තොගය අද (21) ගිනිතබා විනාශ කළ බව ඉමදුව මූලස්ථාන කෘෂි උපදේශක කාර්යාලය කියයි.
විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ මෙම බඩ ඉරිඟු තොගය හම්බන්තොට සිට ප්‍රවාහනය කළ බවයි.
ඉමදුව මූලස්ථාන කෘෂිකර්ම උපදේශක අරුණ පියරිසි මහතා පැවසුවේ ඉමදුව සහ අවට පිහිටි සතිපොලවල් සහ අළෙවි මධ්‍යස්ථානවල සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු කරල් තිබේද යන්න සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමඟ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.