(අනීෂා මානගේ)
බෙලිඅත්ත නගරයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හළක වීදුරු කඩා ඇතුළු වී රුපියල් ලක්ෂ දහයක මුදලක් සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්ධන පිරවුම්හළෙහි වීදුරුවකට ගල්පහරක් එල්ල කර එය කඩා ඇතුළු වී ලාච්චුවක තිබූ රුපියල් ලක්ෂ දහයක මුදලක් සොරකම් කර ඇති බවට බෙලිඅත්ත පොලිස් ස්ථානයට ඉකුත් 7 දින පැමිණිල්ලක් ලැබී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බෙලිඅත්ත කම්බුස්සාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19,21 හා 22 වයස්වල පසුවන්නෝ වෙති.
මොවුන් සතුව තිබී සොරකම් කරන ලද මුදල් වලින් මිලදී ගන්නා ලද රුපියල් 35000/-ක් වටිනා ජංගම දුරකථනයක් හා මුදලින් රුපියල් විසිපන්දහස් එකසිය පනහක් සොයාගෙන ඇත.