(ඉන්දිකා රාමනායක)
හොරගොල්ල වලව්වට අයත් හොරගොල්ල ඉන්ධන පිරවුම්හලට කඩා වැදී ලක්ෂ පහකට ආසන්න මුදල් සොරාගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනා සිද්ධියෙන් වසර එකහමාරකට පසුව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අද (13) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් නිට්ටඹුව වතුපිටිවල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් මත්පැන් හා මත්කුඩුවලට ඇබ්බැහිව සිටින්න් බවද පොලිසිය කියයි.
2018.4.28 දින රාත්‍රීයේ මෙම ප‍්‍රධාන සැකකරු ඉන්ධන පිරවුම්හලට පැමිණ එහි සේවකයෙකු සමඟ කතා කරමින් සිට රාත්‍රී 11.00 ට පමණ මෙම කොල්ලය සිදුකර ඇත.
එහි මුදල් විශාල වශයෙන් ඇති බවට සැකකරු කොල්ලය සැලසුම් කළද එහි තිබී ඇත්තේ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදලකි. එම මුදල ඔවුන් තිදෙනා බෙදාගෙන ඇත.
මෙම සිද්ධිය සිදුව වසරකට අධික කාලයක් පරීක්ෂණ පැවැත්වුද සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් හෙළි වී නොමැති අතර සිද්ධියේ එක් සැකකරුවකු සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා දුෂණ ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී සෙසු සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබුණි.