ඉන්දියාවෙන් ගෙනා කහ කිලෝ 818 ක් නාවික හමුදා බාරයට


(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ වංකාලෙයි මුහුදු ප්‍රදේශයේදී,  නීතිවිරෝධීව  යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝ 818 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්  බවට නාවික හමුදාව පවසයි.
 
උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම උතුරු මුහුදු තීරයේදී කළ සෝදිසි මුර සංචාරයකදී කහ තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ ගෝනි 12 කට අයත් අයත් කහ කිලෝ 510 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඊට අමතරව මන්නාරම වංකාලෙයි මුහුදු තීරයේ අතහැර දමා ගොස් තිබූ ගෝනි 5 ක් පරික්ෂා කිරීමේදී එහි තිබී කහ කිලෝ 308 ක ප්‍රමාණයක් තිබී නාවික හමුදා භාරයට ගනු ලැබීය.
 
කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් රැගෙනවිත් මන්නාරමේ සිට දකුණු ප්‍රදේශය ඇතුළු ප්‍රදේශයන් රැසකට අලෙවි කිරීමට ජාවාරම්කරුවන් සැලසුම් කරන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.
 
මෙලෙස සඟවා තිබූ කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගත්තේය.