ඉදිරි 24 පැයේ කාලගුණය


අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි

‘පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි ඇති විය හැකියි‘.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

‘සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර් 20-30 ක් පමණ වේ. කෙසේවෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘.

2015 අප්‍රේල්  මස 23 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.