ඉදිරි 24 පැයේ කාලගුණය


අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු,  වයඹ  සහ ඌව පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බැවින් හෙට(11), දහවල් 12.11 පුලියන්කුලම, සියඹලාගස්වැව, කදිරවේලි  සහ අඹගස්වැව යන නගර වලට හිරු මුදුන්ව පවතින බව ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

‘මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි‘

2015 අප්‍රේල් මස 10 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.