ඉදිරි 24 පැයේ කාලගුණය


වැසි සඳහා කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘‘උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල  සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වේ‘‘.

‘‘සෙසු ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.

‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.

‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘‘.

‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර  වේගය පැයට කිලෝ මීටර්. 20-30 ත් අතර වෙයි‘. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

2015 මාර්තු  මස 02 වැනි දින දහවල්  12.00 ට නිකුත් කැරණි.