(අංජුල මහික වීරරත්න)
ඉඩම් ඔප්පු ක්ෂණිකව ලබා දීම සඳහා එක් දින සේවයක් ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර අරඹන බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා පැවසීය.
උප්පැන්න සහතික ,මරණ සහතික එක් දිනක් ඇතුළත ලබා දීම මේ වන විටත් අරඹා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ අයුරින්ම ඉතා කඩිනම් එක් දින ඉඩම් ඔප්පු ලබා දීමේ සේවය අරඹන බවද සඳහන් කළ යුතුයි.
මුලින්ම මෙම සේවය කොළඹින් ආරම්භ කරන බවත් ඉන් පසු ඉතා ඉක්මනින් දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.