ඇළට වැටී සිඟිත්තා මියයි


(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)

ගල්නෑව  ප්‍රදේශයට අයත් අවුකන  මල්බලිගල  ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු එකහමාරක දරුවකු නිවස ඉදිරිපිට ඇති ඩී ඇළට වැටීමෙන් මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ බී. මනුජ ප්‍රියහංස නැමැති අවුරුදු එකහමාරක් වන කුඩා දරුවෙකි.

මව සමඟ දරුවා නිවසේ රැදී සිට ඇති අතර මව මුළුතැන් ගෙට ගිය අවස්ථාවේදී  මෙම අනතුර සිදු වී ඇත.

නිවස ආසන්නයේම  ඇළ පිහිටා ඇති අතර දරුවා ඇළට වැටීමෙන් පසු මීටර් 400 ක් පමණ දුරට සිරුර  ගසාගෙන ගොස් තිබියදී සොයාගෙන තිබිණි.

ගල්නෑව පොලීසිය පරීක්ෂණ  පවත්වයි.