ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී.හීස් මහතා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.
නාවික හමුදා මූලස්ථානයේදී මෙම හමුව පැවැත්විණි.
අනතුරුව ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහඳ කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
(36698)