ඇප කොන්දේසි කැඩූ 5 ක් රිමාන්ඩ්


ඩී.ජී.සුගතපාල

 

මහාධිකරණයෙන් නියම කරන ලද ඇප කොන්දේසි උල්ලංඝණය කරන ලද විත්තිකරුවන් පස් දෙනෙකු පෙබරවාරි 25 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (31) නියෝග කළේය.

ගාල්ල පොලිස් වසමේදි 2005.11.28 වැනි දා පුද්ගලයකුට පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් 13 දෙනෙකු එරෙහිව ගාල්ල මහාධිකරණයේ 2017 ජනවාරි 26 වැනිදා අධි චෝදනා බාරදී ඇත.

අධි චෝදනා බාර දිමෙන් පසු එක් විත්තිකරුවකුට රුපියල් 7500ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැර විත්තිකරුවන් සෑම මසකට පළමුවන සහ තුන්වන ඉරුදින ගාල්ල පොලිසියට වාර්තා කරන ලෙසටද  නියෝග කර ඇත.

එහෙත් මෙම විත්තිකරුවන් පස් දෙනා පොලිසියේ වාර්තා නොකර එම ඇප කොන්දේසිය උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී