ඇඳන් 1000 යෝජිත කොරෝනා මධ්‍යස්ථාන නිරීක්ෂණයට


(තිලකරත්න දිසානායක)

ඇඳන් 1000කින් යුතු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කිරීමට යෝජිත ගම්පහ , වැරැල්ලවත්තේ   වසා දැමූ ඇගළුම් කම්හල් ගොඩනැගිල්ල අද සවස අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරයා ඇතුලු නිලධාරීහු නිරීක්ෂණය කළහ.

ආරම්භයේද ඇදන් 1000 ක් සහිතව ආරම්භ කොට අවශ්‍යතාවය පරිදි ඇදන් 2000  දක්වා  වැඩි කළ හැකි අන්දමින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සකස් කරන බවත් එහිදී කීහ.

නාවික හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබන  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.