ඇදවැටුණු දිරාගිය පොල්ගසට යට වී කතක් මරුට


(ජේ.කේ.එල් චාමින්ද)

දිරාගිය පොල්ගසක් බිමට ඇද වැටීමේදී එයට යටවීමෙන් වියපත් කාන්තාවක් මියගොස් ඇති  බව ගාල්ල පොලිසිය පවසයි.
 
කාන්තාව වඳුරන් එළවීම සදහා  ගොස් ඇති අතර නිවස පිටුපස තිබු දිරාගිය පොල්ගසක් ඇදවැටීමෙන්  ඇය ඊට යටවී එම ස්ථානයේ දීම මියගොස් ඇත.
 
මියගොස් ඇත්තේ සරුක්කාවලි  ගිංතොට කුරුදුවත්තේ පදිංචිව සිටි රමණිද සිල්වා (72)  නැමති අවිවාහක  කාන්තාවකි.
 
මියගිය  කාන්තාවගේ  දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමෙන් පසු කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත.
 
මියගිය කාන්තවගේ හදිසි මරණ පරික්ෂණය අද (20) කරාපිටිය රෝහලේ දි පැවැත්විමට නියමිතය.