ඇත්දළ යුගළක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


 

 

 

 

 

සිතුම් චතුරංග

           

ව්‍යාපාරිකයකු වෙත රුපියල් ලක්ෂ හතළිහක මුදලකට විකිණීමට සුදානම් කර තිබූ ඇත්දළ යුගළක් සමඟ පුද්ගලයින් දෙදෙනකු වවුනියාව කනගරායන්කුලම, බණ්ඩාරවන්නියන් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

ඇත්දළ ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා හා ඔවුන් සතුව තිබූ ඇත්දළ යුගල පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් ඇත් දළයක් දිගින් අගල් 58 ක් වන අතර අනෙක් ඇත් දළය දිගින් අගල් 44 වන බව ද සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසූයේ සැකකරුවන් දිගු කළක් සිට මාන්කුලම රක්ෂිත ප‍්‍රදේශ අවට ගැවසෙමින් සිටි දළ ඇතා මරාදමා මෙම ඇත්දළ යුගල ලබාගන්නට ඇති බවට සැකපළ කරන බවත්ය.

අත්අඩංගුවටගත් එක් සැකකරුවකු කිලිනොච්චිය ප‍්‍රදේශයේ සත්ව කොටස් හා විවිධ ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවකු බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණයවූ බවද කීය.

සැකකරුවන් වවුනියාව කනගරායන්කුලම හා කිලිනොච්චිය පරන්තන් හි පදිංචි අවුරුදු 32- 42 අතර වයසේ පසුවන්නෝ වෙති.