(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ මීගස්වැව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු එළවළු සහ පළතුරු අලෙවි සැලක් අද ( 04 ) අලුයම වන අලියකු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා එහි තිබූ එළවළු සහ පළතුරු ආහාරයට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වෙළඳසැල සම්පූර්ණයෙන්ම බිම සමතලා වී ඇති අතර නිවැසියන් කියා සිටියේ තමන් නිවසේ පිටුපස ප්‍රදේශයේ සිටියදී එකවරම අලුයම 3 ට පමණ වන අලියා පැමිණ වෙළඳසැල කඩා එහි තිබූ එළවළු පළතුරු ආහාරයට ගත් බවයි.
පැය තුනක පමණ කාලයක් වන අලියා එම ස්ථානයේ රැඳී සිටි බවද ඔවුහු පවසති.