ආවා කල්ලි නායකයකුගේ නිවසට ප්‍රහාරයක්


රොමේෂ් මධුෂංඛ

 

යාපනය මාණිපායි ප්‍රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හඳුන්වන පුද්ගලයකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බව යාපනය මාණිපායි පොලීසිය පවසයි.

මාණිපායි ප්‍රදේශයේ ආවා කල්ලියේ නායකයකු වූ සන්නා නමැත්තාගේ බවට සැක කරන නිවසක් වෙත අදාළ පහරදීම සිදුකර ඇත.

යතුරුපැදි තුනකින් මුහුණු ආවරණය කරගෙන කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් අදාළ පහරදීම සිදුකර තිබේ.

එහිදී පුද්ගල හානියක් සිදුකර නැතත් නිවසේ නවතා තිබූ යතුරුපැදි තුනකට කඩු වලින් කොටා හානි කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

අදාළ පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පිරිස් කඩු රැගෙන පැමිණෙන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇති අතර ඒ ඔස්සේ පරික්ෂණ අරඹා ඇති බවටද මාණිප්පායි පොලීසිය පරීක්ෂණ පවත්වයි.