ආරච්චිකට්ටුව ප්‍රා. සභාවට නව ලේකම්වරියක්


(ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවට නව ලේකම්වරිය වශයෙන් එන්. ඒ.කාන්තිලතා මහත්මිය පත්කර තිබේ. 

හලාවත නගර සභාවේ පරිපාලන නිලධාරීවරිය වශයෙන් සේවය කළ කාන්තිලතා මහත්මිය පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ  අත්දැකීම් බහුල නිලධාරිනියෙකි.

හිටපු ලේකම්වරයාගේ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වෙන අතර ඔහු තාවකාලිකව හලාවත නගර සභාව වෙත ස්ථාන මාරු කර යවා තිබේ.