ආයූර්වේද සම්භාහන මධ්‍යස්ථාන හතරක් වටලයි


(සුමතිපාල දීයගහගේ) 

 
ආයූර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නිත්‍යනුකූල බලපත්‍ර නොමැතිව අහංගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන හතරක් වටලා දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 10 ක් අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.

දකුණු පළාත් ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ පොලිසිය එක්ව අහංගම ගොවියාපාන සහ කබලාන ප්‍රදේශවල පවත්වා ගෙන ගිය සම්භාහ මධ්‍යස්ථාන හතරක් වටලා තිබේ.

දේශිය වෛද්‍යවරුන් තිදෙනෙක් ද මෙම මධ්‍යස්ථාන පවත්වා ගෙන ගොස් ඇති අතර කළමනාකරුවන් දෙදෙනෙකු සහ සම්භාහන කිරිමේ කටයුතුවල යෙදී සිටි සේවිකාවන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25 -40 අතර වයස්වල සිටින එම සේවිකාවන් වේ. 

මොවුන් පොළොන්නරුව රත්නපුරය සහ ගාල්ල ආදී ප්‍රදේශවල සිට මෙම මධ්‍යස්ථානවල සේවයට පැමිණි ඇති අය බවද පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.