(සිතුම් චතුරංග)
මුහුණු ආවරණය කරගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී රක්ෂණ සමාගමක කළමනාකරවරයකු අද(05) තියුණු ආයුධවලින් පහදී ඝාතනය කර ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි.
කළමනාකරවරයා තම නේවාසිකාගාරයෙන් මිතුරකු සමඟ සේවාස්ථානයට යෑම සඳහා යතුරු පැදියකින් පිටත් වූ අවස්ථාවේදී මෙම පහරදීම කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ කිලිනොච්චිය සමූපකාර රක්ෂණ සමාගමේ කළමනාකාරවරයා වූ වවුනියාව වේප්පන්කුලම් පදිංචි කන්දලිංගම් රාමනාදන් නමැති 33 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරුගෙන් බේරීම සඳහා කළමනාකරු අසළ නිවසකට ගියද එම ස්ථානයේදීද ඔහුට පහරදී ඇති බව පොලිසිය පැවසීය.
පහරදීමෙන් බරපතල තුවාල ලබාසිටි කළමනාකරවරයා ප්‍රදේශවාසීන් විසින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම කරන්නට ඇති බවට සැකපළකරන බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැත.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.