ආයුධවලින් පහර දුන් යතුරුපැදි කල්ලියේ දෙදෙනෙක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තියුණු ආයුධ රැගෙන යතුරුපැදිවලින් පැමිණ දෙමටගොඩ කැලිපුල්ල වත්තට කඩා වැදී පුද්ගලයකුට පහර දී බරපතල තුවාල කළ පුද්ගල කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අද(30) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.
 
මෙම පුද්ලයන් ලොරියක නැගී පැමිණ අතරමගදී යතුරුපැදිවලට නැගී පැමිණ පහර දී ඇතැයි පොලිසිය පවසයි.
 
පහරදීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි කැලිපුල්ල වත්තේ පදිංචිකරුවන් දෙමටගොඩ- කොළොන්නාව මාර්ගය අවුරමින් ඊයේ(29) නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටී.
 
බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අලුත්කඩේ අංක 8 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියිමිතය.