ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා


(ප්‍රේමතිලක පෙරමුණ)

තිනියාවල ඉහළ හෙවෙස්ස හල්ලින්දොල ප්‍රදේශයේදී අද (02) පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇතැයි තිනියාවල පොලිසිය පවසයි. 

ඝාතනයට ලක්ව ඇත්තේ නෙළුව තිනියාවල පහේ කනුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන  කුලප්පු තන්ත්‍රිගේ නලින්ද නැමැති 52 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි. 

වෙළඳසැලට අවශ්‍ය භාණ්ඩ රැගෙන ඒම සඳහා ත්‍රීරෝද රථයකින් පිටිගල  නගරයට යන අතරතුර දී හල්ලින්දොල තිරිවානකැටිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයාගේ හිසට මොට ආයුධයකින් පහරදී  ඝාතනය කර ඇති බව තිනියාවල පොලිසිය සඳහන් කරයි.