(අශෝක තිලකරත්න)
අම්බලන්තොට දෙහිගහලන්දේ දී ඊයේ (19දා) රාත්‍රී පුරුෂයෙකු විසින් උල් ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මරා දමා ඇත්තේ සීදූව අම්බලන්වැල්ලේ පදිංචි ගාල්ලගේ ශිරෝමි මල්කාන්ති (44) යන අයයි.
ඇය මීට වසර එක හමාරකට පමණ පෙර දී මීරිගම පදිංචි සැකකරු වන අනියම් පුරුෂයා සමග දෙහිගහලන්දේ නිවසක් කුලියට ගෙන ජීවත්ව සිට ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. ඔහු විසින් මෙම ඝාතනය කරනු ලැබ ඇත.
සැකකරු දැනට සැඟවී ඇති අතර අම්බලන්තොට පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.