(රංජන් කස්තුරි)
උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් සකසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ අනුව නිවාස හානි වී ඇති පවුල්වල දරුවන්ට අමතර නිල ඇඳුම් කට්ටලයක් සහ පාවහන් ගැනීම සඳහා වවුචරයක් ලබාදෙන බව ද ඇමතිවරයා පැවසීය.
එම දරුවන්ගේ පෙළපොත් හානි වී තිබේ නම් ඔවුන්ට අලුතින් පෙළපොත් ලබාදෙන බවද ඇමතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.