ආනන්ද ගී සැඳෑව බදාදා


කොළඹ ආනන්ද විද්‍යාලයේ ප‍්‍රථමික අංශයේ සිසු දරුවන්ගේ වාර්ෂික කලා මංගල්‍යය ආනන්ද ගී රංගා ප‍්‍රසංගය ජනවාරී මස 13 වැනිදා සවස 5 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ප‍්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා සහ ආදී ආනන්දී මහාචාර්ය ජේ.බී දිසානායක මහත්වරු මෙම ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිතයෝ වෙති.