(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව ආඬිගම කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක බූරු ගැසීමේ ස්ථානයක් අද රාත්‍රියේ වටලා එහි සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
පොලිසිය එය වටලන අවස්ථාවේදී එහි සිටි තවත් 20 කට වැඩි පිරිසක් පැන ගිය බවද පැවසේ.
ආණමඩුව ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු දැඩි රැකවල් යොදා තිබුනද පොලිස් කණ්ඩායම් ඉතා රහසිගතව එම ස්ථානයට ළඟාවූ බව පොලිසිය කියයි.
කෙසේ නමුත් දේශපාලන අධාරකරු ද පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.