ආණ්ඩුවේ ව්‍යාපෘති 100ක් එකම දිනක ජනතා අයිතියට


අංජුල මහික වීරරත්න
 
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයන්, එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයන් පසුගිය වසර තුනහමාර තුළ අරඹා වැඩ නිමකළ සංවිධාන ව්‍යාපෘති 100 ක් එකම දිනකදී ජනතා අයිතියට පත් කිරිමට කටයුතු කරගෙන යයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති මෙලෙස විවෘත කෙරෙයි.

ග්‍රාමීය මට්ටමේ සිට අර්ධ නාගරික හා ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ඊට ඇතුළත්ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරිමෙන් පසු ලංකාවේ සියලු දිස්ත්‍රික්ක වලදී සමගි සන්ධාන රජයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙරෙයි.

මෙම විවෘත කිරිම් සඳහා මැති ඇමැතිවරුන් සමඟ පළාත් සභා සහ පළාත් පාලන ආයතන  නියෝජිතයන් ද සහභාගී කර ගැනීමට නියමිතය.

දිවයින පුරා ඉදි කෙරුණු ග්‍රාමීය මාර්ග, විදුලිබල ව්‍යාපෘති,වැව් අමුණු,පාලම්,පාසල් සනීපාරක්ෂක පහසුකම්, ක්‍රීඩා යටිතල පහසුකම්, සතිපොළ, ළමා උද්‍යාන,ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති මෙලෙස විවෘත කිරිමට නියමිතව ඇත.