(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව පොලිස්ථානයේ රථවාහන අංශයේ පොලිස්ථානයේ පොලිස් සැරයන්වරයකුට කොවිඩ් 19 ආසාදිත වී ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ කොවිඩ් ආසාදිත වී ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකුට බව කියයි.
ආසාදිත පොලිස් නිළධාරියාගේ බිරිඳ රස්නායකපුර පොලිස්ථානයේ රාජකාරි කරන බවත් මෙම දෙදෙනා රාජකාරි පහසුව සඳහා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටින බව පොලිසිය පවසයි.
ආසාදිත පොලිස් සැරයන්වරයාගේ බිරිඳ හා දරුවන් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.
නිළධාරියා සමඟ රාජකාරිවල නිරත වූ ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් 8 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගෙන එහි ප්‍රතිඵල එනතුරු පොලිස් නිළධාරින් නිළධාරීන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.