(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව පොලිසියේ ජීප් රථය හදිසි රාජකාරියකට ගොස් ආපසු පොලිස්ථානය වෙත එමින් සිටියදී අද (25) අලුයම උප්පලවත්ත ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවකින් පහළට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කළ බව කියයි.
පොලිස් 119 හදිසි ඇමතුමකට ආඩිගම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබු බව කියයි.
මාර්ගයේ ගමන් කරමින් තිබු වෙනත් වාහනයකට ඉඩදීමට කටයුතු කරද්දී ජීප් රථයේ ක්ෂණිකව සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් බොක්කුවේ ගැටී පහළට වැටී ඇති බව කියයි.
අනතුරින් ජීප් රථයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බරපතල තත්වයේ පසුවු එක් අයකු පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය පවසයි.