ආඩියාගල රක්ෂිතයේ කැණිම් කළ 7 ක් අත්අඩංගුවට


අමදෝරු අමරජීව
 
මොරවැව පොලිස් වසමට අයත්  මහදිවුල්වැව “ශාන්තිපුර“ ආඩියාගල රක්ෂිතයේ නිධානයක් ගැනීමේ අරමුණෙන්  අනවසර කැනීමක් කිරිමට සුදානම් වු  7 දෙනෙකු අද (21)  අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමඟ විශේෂ කාර්ය  බළකායේ සර්ධාපුර කඳවුරේ නිලධාරීන් සමත් වුහ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් පැමිණි වෑන් රථයක්, විදුලි ඩෙටනේටර් දෙකක්, වයර්  රෝලක්, ඇමෝනියම් නයිට්රේට් රසායනික ද්‍රව්‍ය  ග්‍රෑම්  400ක් ද අත්අඩංගුවට  ගෙන තිබේ. 


සැකකරුවන්  පානදුර , දෙහිඕවිට, මහදිවුල්වැව පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතය. මොරවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරික්ෂණ පවත්වයි.