(ශාන්ත චන්ද්‍රසිරි සහ ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
ආගරපතන, බැල්මොරල් වත්තේ වතු නිවාස පෙළක අද (13) හට ගත් ගිනි ගැනීමකින් වතු නිවාස 12 ක් ගිනිගෙන විනාශයට පත්ව ඇතැයි ආගරපතන පොලීසිය පවසයි.
එක් වතු නිවාසයක හට ගෙන ඇති ගින්න අනෙකුත් නිවාසවලට පැතිරී ගොස් ඇති බවත් පොලීසියේ නිලධාරීන් හා වතු කම්කරුවන් එකතුව ගින්න අනෙකුත් නිවාසවලට පැතිරී යෑමට නොදී වළක්වා ගැනීමට පියවර ගැනීම නිසා විශාල විනාශයක් වැළකී ගිය බව ආගරපතන පොලිසිය කියයි.
ගිනි ගැනීමට ලක්වීම නිසා එම වතු නිවාස 12 පදිංචි පුද්ගලයන් 49 ක අවැතැන්ව ඇති බවත් ඒ අතර පාසල් යන වයසේ ළමුන් 13 කු ද සිටින බවත් අවැතැන්වුන්ට අවශ්‍ය ආහාරපාන හා නවාතැන් පහසුකම් සළසා දීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.