පොලිස් වසමට අයත් ආගරපතන කඳුවැටියේ ගින්නක් හට ගෙන ඇති බව ආගරපතන පොලිසිය පවසයි.
අද (6) දහවල් 12.30 ට පමණ හට ගත් මෙම ගින්න කඳු මුදුන දක්වා පැතිර යමින් පවති.
ආගරපතන පොලිස් වසමට අයත් සෙන් මාර්කට් වත්තට ඉහළින් කඳු මුදුනේ බටහිර බෑවුමේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ඉලුක් සහිත මෙම රක්ෂිතයේ පවතින දැඩි සුළඟත් සමඟ ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතී.
ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ආගරපතන පොලිසිය පවසයි.