(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින සුළු සේවක පුරප්පාඩු සම්පුර්ණ කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම රෝහලේ සුළු සේවකයන් අද (12) පස්වරුවේදී උද්ඝෝෂණයක නිරත වුහ.
මෙම උද්ඝෝෂණය සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විසින් සංවිධානය කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ කම්කරු අරගල මධ්‍යස්ථායේ සම්බන්ධීකරණ නිලධාරි වෛද්‍ය දීනිෂ බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
අපි මේ උද්ඝෝෂණය අද සිදු කරන්නේ ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින්. පළමුවැන්න අද මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ 600 ක පමණ උග්‍ර කණිෂ්ඨ සේවක මණ්ඩලයේ හිඟයක් පවතිනවා. වෛද්‍ය,හෙද කාර්යාල මණ්ඩලයේත් මේ හා සමානව පුරප්පාඩු රැසක් තිබෙනවා. මේ නිසා දැනට සේවයේ නියුතු සේවකයන්ට දිවා රාත්‍රී නොබලා සේවය කරන්න සිදුවෙලා තිබෙනවා. ඔවුන්ට හදිසි මරණයකදී පවා නිවාඩුවක් ලබා ගන්නන හැකියාවක් නැහැ.