අ’පුරේ සරසවි සිසුන් විරෝධතාවයක


(දයාරත්න ඇඹෝගම)
 
විශ්ව විද්‍යාල විද්‍යාතන තුළ උසස් අධ්‍යාපන සම අයිතිය වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලා අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යාතනයේ සිසුන් පිරිසක් අද (7) අනුරාධපුර නගරයේ විරෝධතා පාගමනක සහ උද්ඝෝෂණයක නිරතවුහ.

අනුරාධපුර මාකට් පෙදෙසේ සිට පා ගමනින් මෛත්‍රිපාල සේනානායක මාර්ගයේ නව බස් නැවතුම්පල දක්වා පැමිණි මෙම සිසුන් මාර්ගයේ බිම වාඩිවි විවිධ පොස්ටර් සහ බැනර් ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණයේ නිරතවිය.