අ’පුරේ කිරි ගොවියෝ උද්ඝෝෂණයක



 
(දයාරත්න ඇඹෝගම)


අනුරාධපුර  දිස්ත්‍රික්කයේ  කිරි  ගොවීන් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් අනුරාධපුර ඩි.එස්.වටරවුම ඉදරිපිටදී අද (21) උද්ඝෝෂණයක නිරත වුහ.


මිල්කෝ සමාගම විසින් මාස දෙකක්  තිස්සේ  තමන්ගේ කිරි සඳහා මුදල් ගෙවීම පැහැර හැර ඇති බවත් එම මුදල් කඩිනමින් වගකිව යුත්තන් මැදිහත් වී ලබාදෙන ලෙසත් පශු වෛද්‍යය සේවාව විධිමත් කරන ලෙසත්  ඔවුහු ඉල්ලා සිටිති.


කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය  විසින්  සංවිධානය කළ මෙම  උද්ඝෝෂණයට කිරි ගොවින් 200කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.