(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම වරට රහස් ඡන්දයකින් ස්ථාවර කමිටු හයක් සඳහා සාමාජිකයන් පත්කර ගැනීම අද (11) සිදුවිය.
මහ නගර සභා ආඥා පනතේ අතුරු ව්‍යවස්ථාව ප්‍රකාරව නගර සභාවේ මහජන නියෝජිතයන් 29 දෙනෙකුගේ රහස් ඡන්දයෙන් ස්ථාවර කමිටු හයක් සඳහා මෙලෙස සාමාජිකයන් පත්කර ගැනීම සිදුවිය.
අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ තීරණය පරිදි ප්‍රථම වතාවට කමිටු සාමාජිකයන් තෝරා පත්කර ගැනීමට මෙලෙස රහස් ඡන්දයක් පැවැත්විණි.
මීට පෙර මෙම ව්‍යවස්ථා කමිටු සඳහා වැඩි පිරිසක් පාලක පක්ෂයට හිමිවුවද මෙවර බහුතර කමිටු සාමාජිකත්වයක් විපක්ෂයටද හිමිවිම මෙහි විශේෂත්වයකි.
මෙම ප්‍රජාත්‍රන්වාදී ක්‍රියාදාමය අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා ද ආදර්ශයක් බව මේ පිළිබඳව අදහස් දක්වමින් පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු මෙහිදී පැවසුහ.