අ‘පුර රැකියා විරහිත උපාධිධාරීහු වීදී බසිති



(දයාරත්න ඇඹෝගම)


රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් රැකියා විරහිත  උපාධිධාරීන්  පිරිසක්  අද (16) දින අනුරාධපුර ඩි.එස්.සේනානායක වට රවුම ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත විය.


තමන් වසර ගණනාවක් තිස්සේ පළාතේ පවතින ගුරු සහ සංවර්ධන නිලධාරි පුරප්පාඩු සදහා පත් කරන ලෙස ඉල්ලා සිටියද කිසිවෙක් ඊට ඇහුම් කන් නොදි මුනිවත රකින බව මෙම රැකියා විරහිත උපාධිධාරිහු පවසති.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැදවුම්කරු රංජිත් කුමාර මහතා මෙසේ පැවසිය. 


‘අපි උපාධිය සමත් වෙලා දැන් වසර ගණනාවක් වෙනවා.උතුරු මැද පළාත් සභාව මගින් පැවැත්වු ගුරු සහ සංවර්ධන නිලධාරි බදවා ගැනිම සදහා පැවැත්වු තරග විභාගයටත් ඉදිරිපත් වෙලා.සමත් වුණා. ඒ. තවමත් අපට රැකියා ලබාදි නැහැ.‘