තම සැමියා මිය යෑමෙන් පසුව ගාල්ල අම්බලන්වත්තේ වැලිපත අන්සතු ඉඩමක ගුඩා පැල්පතක දරු දෙදෙනා සමඟ ජීවත් වූ ඩී.එම්.සිරියාවතී (40) ට නව නිවසක් ඉදිකර දීමට ගම්මු ඉදිරිපත්වූහ.
ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අනුශාසනාවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය, ගම්වැසියන්ගේ ධන හා ශ්‍රම පරිත්‍යාගයෙන් මෙම සත් කාර්ය සිදු කැරිණි.




