(ටී.කේ.ජී.කපිල )
ඇන්තූරියම් මල් පැළ තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) අත් අඩංගුවට ගෙන තිබේ.
කොළඹ , බත්තරමුල්ල සහ මාතර යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 49 ක් සහ 23 ක් වන ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් මෙම මල් පැළ තොගය මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණි .
මොවුන් දෙදෙනා ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි තායි ගුවන් සේවයට අයත් ටී.ජී.- 308 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
පොලිතීන් මලු වල බහා , තම ගමන් මලු තුළ අසුරා ගෙන තිබූ , රුපියල් ලක්ෂ පහක් වටිනා මෙම ඇන්තූරියම් මල් පැළ තොගයේ , මල් පැළ 798 ක් තිබූ අතර , ඔවුන් ඒවා රැගෙන ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි .
ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ ඇති විධිවිධාන අනුව , දෙරටේ කෘෂිකර්ම බලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව මේ ආකාරයට මෙම පැළෑටි මෙරටට ගෙන ඒම නීතිවිරෝධී වේ .